සරුපස, කෘෂි බෝග සහ ගොවිපල නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයක් වන අතර, එය විවිධ පාර්ශවකරුවන් අතර කෘෂි නිෂ්පාදන, ගොවිපල නිෂ්පාදන සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ වල ගැණුම් සහ විකුණුම් සක්‍රීය කිරීම සඳහා නිර්මාණය කරන ලද සැපයුම් දාමයකි.
කෘෂි නිෂ්පාදකයින් (ගොවීන් සහ වගාකරුවන්), කෘෂි නිෂ්පාදන එකතු කරන්නන්, තොග වෙළඳුන්, සිල්ලර වෙළඳුන්, මහා පරිමාණ පාරිභෝගිකයින් (සුපිරි වෙළඳපොලවල්, ආහාර සැකසුම් කර්මාන්ත, හෝටල් ආදිය) සහ කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් යන ඉහතින් සඳහන් වූ විවිධ පාර්ශවකරුවන්ගේ එදිනෙදා වෙළඳ කටයුතු වල කාර්යක්‍ෂමතාවය සහ සුරක්ෂිතතාවය මෙමගින් තහවුරු කරයි. ප්‍රධාන පාර්ශවකරුවන්ට, ඔවුන්ගේ කාර්යයන් සහ වාණිජ ගණුදෙනු පහසු කිරීමට උපකාරී වන අනෙකුත් සේවා ලෙස, ප්‍රවාහන හා බෙදාහැරීමේ සේවා සපයන්නන්, පොහොර සැපයුම්කරුවන්, පැලෑටි සහ බීජ සැපයුම්කරුවන්, සහායක නිෂ්පාදන හා සේවා සැපයුම්කරුවන්, කෘෂි රක්‍ෂණ සේවා සපයන්නන්, බැංකු සහ රාජ්‍ය ආයතන වැනි විවිධ සේවා සපයන්නන් ද මෙම ආර්ථික මධ්‍යස්ථානය මගින් සම්බන්දීකරණය වෙයි. එමඟින් ශ්‍රී ලංකාවේ කෘෂි හා ගොවි ප්‍රජාවට ඉමහත් ප්‍රතිලාභ ලබා දෙන අතර ඔවුන්ගේ නිෂ්පාදන කාලානුරූපව සාධාරණ මිලකට අලෙවි කිරීමට හැකි වන අතර ඔවුන්ගේ වගාවේ පහළ මට්ටමේ ලාභදායීතාවය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරයි. සරුපස වේදිකාව ශ්‍රී ලංකාවේ ගොවිජන ප්‍රජාවට උපකාර කිරීම සඳහා ස්වාධීනව ක්‍රියාත්මක වන පෞද්ගලික මුලපිරීමක් ලෙස ක්‍රියාත්මක වේ.
සරුපස වේදිකාව ශ්‍රී ලංකාවේ ගොවිජන ප්‍රජාවට උපකාර කිරීම සඳහා ස්වාධීනව මෙහෙයවනු ලබන පුද්ගලික මුලපිරීමක් ලෙස ක්‍රියාත්මක වේ.